Search

ඇමෙරිකානු බැංකු පද්ධතිය කඩා වැටේ - ශ්‍රී ලන්කවටත් බලපෑම්

තෙල් මිල නොසිතු විරු අයුරින් පහත වැටීම නිසා ඇමෙරිකානු බැංකු පද්ධතියට ඉතාමත් නරක අන්දමින් බලපානු ඇත.


තෙල් මිල පහත වැටීම කෙටිකාලීන විය හැකි වුවද, එක්සත් ජනපදයේ තෙල් කර්මාන්තය නරකම තත්ත්වයට පත්වනු ඇත.

ණය මත පදනම්වී ඇති බලශක්ති සමාගම් බොහොමයක් ඉතා ඉක්මනින් බංකොලොත් බාවයට පත්වන බව නිසැකයෙන්ම කිව හැකි කරුණකි.

බැරලයක තෙල් මිල අවම වශයෙන් ඩොලර් හැටක් හෝ හැත්තෑවක් වත් පවතීනම් මෙම සමාගම් සදහා පැවැත්මක් බලාපොරොත්තු විය හැක. නමුත් දැනට පවතින තත්වය අනුව බැරලයක මිල ඩොලර් ඍන අගයක් ගනු ලබා ඇත. මෙය සිදුවී ඇත්තේ තෙල් නිපදවන සමාගම් සදහා වලින් තෙල් මිලදී ගැනීමට ගැනුම් කරුවන් නොමැති වීමෙනි. මෙහි බැරෑරුම් තත්වයනම්, මෙම තෙල් සමාගම් තෙල් විකුණාගත නොහැකිව බංකොලොත් වනවාත් සමගම, එම සමාගම් සදහා මුල්‍ය පහසුකම් ලබා දී ඇති බැංකු සදහා එම මුලය ණය රැස්කර ගැනීමේ ගැටළුවක් ඇති වීමයි. එම අවස්ථාවේදී බැංකු පද්ධතිය පවත්වා ගැනීමේ හැකියාව ඉතාමත් අඩු මට්ටමක පවතී.

ඇමෙරිකාවේ තෙල් සමාගම් වල කොටස් වෙළදපොල මිල ගණන් ඉතා සීග්‍රයෙන් පහත වැටි ඇත. සමහර ආයතන සියයට පනහටත් වඩා එහි කොටස් මිල ගණන් පහත වැටී ඇත. මෙය නරක අන්දමින් බලපාන්නේ මෙම තෙල් සමාගම් සදහා පසු තල සහසුකම් වැඩිදියුණු කිරීම සදහා ඉතා විශාල ණය ලබාදී ඇති බැංකු සදහායි.

අප සියලු දෙනා දන්නා පරිදි බැංකු පද්දතිය බිදවැටීමත් සමග මුළු ආර්ථිකයම නොසිතු ලෙස ඉතා ඉක්මනින් බිද වැටෙනු ඇත.




බැංකු පද්දති අර්බුදයක ආර්ථික බලපෑම

බැංකු අර්බුදයකින් ඇඟවෙන්නේ බැංකු වල පවත්නා මුදල් හිග බවයි (ද්‍රවශීලතාවය අඩුවීම). දැඩි බැංකු අර්බුදයකදී, එම ආයතන බැංකු කටයුතු වලින් ඉවත්වේ. එනම් එම ආයතන පවත්වා ගැනීමට හැකියාවක් නොමැති විම සහ බැංකු සදහා ආයෝජකයන් නොමැති වීමයි. බැංකු ද්‍රවශීලතා හිඟයකට හෝ ඊට වඩා දරුණු ලෙස මුහුණ දෙන්නේ නම්, එය ඉතිරි කරන්නන්, ව්‍යාපාර සහ පාරිභෝගිකයින් කෙරෙහි විශාල බලපෑමක් කරනු ඇත. ප්‍රධාන බැංකු අර්බුදය නිරන්තරයෙන් ආර්ථික වර්ධනයට බලපාන අතර විරැකියාවට හේතු විය හැක. මෑත කාලීන බැංකු අර්බුදය තුළ බැංකු ණය දීම කපා හැරියේය. මෙයින් අදහස් කරන්නේ සමාගම්වලට ආයෝජන සඳහා මුදල් නොමැති බවයි. 1. ආයෝජන සඳහා අරමුදල් පහත වැටීම


බැංකු ද්‍රවශීලතාවයෙන් අඩු නම්, සමාගම් සහ පාරිභෝගිකයින්ට මුදල් ණයට දීමට ඔවුන් අඩු කැමැත්තක් දක්වනු ඇත. විශේෂයෙන් අවදානම් සහගත ආයෝජන සිදුකරන ව්‍යාපාරවලට ණය දීමට බැංකු අදිමදි කරනු ඇත. එබැවින්, ආයෝජනය සඳහා මුදල් ණයට ගැනීමට කැමති සමාගම්වලට සතුටුදායක ණයක් ලබා ගැනීම ඉතා අපහසු විය හැකිය. එහි ප්‍රතිලයක් ලෙස සමාගම ආයෝජන අඩු කර අඩු සේවකයින් යොදවනු ඇත.


ආයෝජන මට්ටම්වල සැලකිය යුතු පහත වැටීමක් සිදුවුවහොත්, මෙය ආර්ථික වර්ධනය අඩු කිරීමට සහ ඉහළ විරැකියාවට හේතු වනු ඇත.


සමස්ථ ඉල්ලුමෙන් දළ වශයෙන් 15-20% අතර ප්‍රමාණයක් ආයෝජන නිසා ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.


නිදසුනක් වශයෙන්, 2008 වර්ෂයේ ඇති වූ ණය අර්බුදයෙන් පසුව, එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ බොහෝ බැංකු අරමුදල් හිඟ විය .


ඔවුන්ගේ ශේෂ පත්‍රය  වැඩිදියුණු කිරීමට ඔවුන්ට අවශ්‍ය වූ අතර, එම නිසා ව්‍යාපාර සඳහා වූ ණය අඩු වී ගොසි ඍණාත්මක ආර්ථික වර්ධනයක් සහ විරැකියාව ඉහළ යන කාල පරිච්ඡේදයකට මඟ පෑදීය.


පොලී අනුපාත 0.5% දක්වා අඩු කළද, සදහා බැංකු මගින් නය පහසුකම් ලා ගැනීමට අවස්ථාවන් නොලැබුණ බවට දක්නට ලැබුණි සමාගම් ගැන අප අසා ඇත.

2. ආර්ථිකය ඍණාත්මක ව වැඩිවීමට බලපෑම් කිරීම


ආයෝජන මට්ටම් පහත වැටීම අඩු ආර්ථික වර්ධනයක් ඇති කරයි, නමුත් මෙම පහළ යන වර්ධනය වර්දනය නැවතත් ආර්ථිකය ට  බලපෑමක් ඇති කරයි; අඩු ඉල්ලුමක් ඇතිව සමාගම් ආයෝජන මට්ටම් තවදුරටත් අඩු කරයි. ආයෝජන පහත වැටීමත් සමඟ, සමහර කම්කරුවන්ට රැකියා අහිමි වීමේ තත්වයක් උදාවේ. නමුත් අඩු ආර්ථික වර්ධනයක් ඇති බැවින්, වෙනත් අංශවල රැකියා අහිමිවීමට එය හේතු වේ - එමඟින් ඉල්ලුමේ සාමාන්‍ය අඩුවීමක් දක්නට ලැබේ.

3. විශ්වාසය

ඕනෑම බැංකු අර්බුදයක් සාමාන්‍ය ආර්ථික විශ්වාසයට බලපානු ඇත. බැංකු අර්බුදයක් පිළිබඳ ප්‍රවෘත්ති මිනිසුන් වඩාත් අවදානම් තත්වයකට පත් කරයි. පාරිභෝගිකයින් ඉතුරුම් වැඩි කිරීමට සහ වියදම් අඩු කිරීමට පටන් ගනී. බැංකුවක ඉතිරිකිරීම් සුරක්‍ෂිත නැතැයි පාරිභෝගිකයින් බිය වන්නේ නම්, ඔවුන් මුදල් ඉතිරිකිරීමට මාරු වන අතර බැංකුවක මුදල් තබා නොගනී. මෙය ඉතාමත් භයානක තත්වයකි. 4. විරැකියාව


බැංකු අර්බුදයේ ප්‍රතිපලයක් ලෙස ඇති වූ විරැකියාව මූලික වශයෙන් ඉල්ලුමේ ඌන  විරැකියාවයි. එය ආයෝජන හා පාරිභෝගික වියදම් අඩුවීම සහ සමස්ත ඉල්ලුමේ සමස්ත පහත වැටීම සමග ඇති වන විරකියාවක් බවට පත්වේ.


කෙසේ නමුදු ඇමෙරිකාවේ ඉතා ඉක්මනින් ඇති වීමට නියමිත මෙම බැංකු කඩ වැටීම මුළු ලෝකයටම ඉතාමත් අසීරු තත්වයක් උද කරනු ඇති. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව වැනි රටවල් සදහා එම බලපෑම දෙගුණයකටත් වඩා වැඩි වශයෙන් බලපාන බව කිව හැකිය. මොකද අප විසින් නිෂ්පාදනය කරන බොහෝ දේ අප අලෙවි කරන්නේ ඇමෙරිකාව සහ තවත් දියුණු රටවලටය. එම රටවල්වල ආර්ථිකය බිද වැටීම අපගේ නිෂ්පාදන සදහා ඇති ඉල්ලුම අඩු කරයි. එවිට අපගේ රටෙහි ඇත ආයතන විශාල ප්‍රමනයකටද සිදුවන්නේ ඇමෙරිකාවේ තෙල් සමාගම් වලට සිදුවූ දෙයමය්. එය නැවතත් අනෙකුත් ව්‍යාපාර සහ බැංකු පද්දතියට ඉතාමත් දරුණු ලෙස බලපෑම් ඇති කිරීමට නියමිතයි.

28 views

©2020 by nuwane. Proudly created with Wix.com